දේශීය

විදුලි බිල ගෙවීම ගැන වදවන ඔබට

(UTV |කොළඹ ) – කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා විදුලි බිල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් ඒ සඳහා අමතර ගාස්තුවක් අය නොකරන බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කරයි.

දැනට ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලට ජනතාවට විදුලි බිල්පත් නිකුත් කිරිමට හැකියාවක් නොමැති බවත් එලෙස විදුලි බිල්පත් ලැබුනත් ඔවුන්ට එය ගෙවීමට හැකියාවක් නොමැති බව මෙහිදී අමාත්‍යවරයා සඳහන් කරයි.

එම නිසා මාසික විදුලි බිලට අමතර කිසිදු අමතර ගාස්තුවක් එකතු නොකරන ලෙසත් කිසිසේත්ම විදුලිය විසන්ධි කිරිම සඳහා රතු බිල් නිකුත් නොකරන ලෙසත් ඇමතිවරයා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී  තිබේ.

ඇඳිරි නිතිය ඉවත් කර ඇති ප්‍රදේශවල ජනතාවට විදුලි බිල්පත් නිකුත් කළද මුදල් කොටස් වශයෙන් ගෙවීමට හෝ අවස්ථාව ලබා දීමට පියවර ගන්නා ලෙස ඇමතිවරයා දැනුම් දී සිටියි.

Related posts

දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදයි

Mohamed Dilsad

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව විභාගයට දින නියම වෙයි

Mohamed Dilsad

අද රාත්‍රියේ ඡායා චන්ද්‍රගහණයක් දිස්වෙයි

Mohamed Dilsad

Leave a Comment