ක්‍රීඩා

දිල්හාර ලොකුහෙට්ටිගේට ICCයෙන් චෝදනා

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ එක්සත් ආරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් ආයතන දුෂණ විරෝධි සංග්‍රහයේ වගන්ති උල්ලංඝණය කර ඇති බව, එම ආයතනය වෙනුවෙන් පෙනි සිටිමීන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනයක් නිකුත් කරයි.

පසුගිය වසරේ පැවති T-10 තරගාවලියේදි දිල්හාර විසින් එම සංග්‍රහයේ වගන්ති කඩ කිරිම් සිදුව ඇති බව එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

තරගයක ප්‍රතිඵලය වෙනස්විමට බලපාන අකාරයේ ක්‍රියාකාරකම්,එසේම එම ක්‍රියාකාරකම් කිරිමට ක්‍රීඩකයෙක් පෙළඹවිම හා දුෂණ විරෝධි පරික්ෂණ කරනු ලබන නිළධාරීට සහාය ලබා නොදිම යන කරුණු තුන අඩංගු වගන්ති ත්‍රිත්වය දිල්හාර විසින් උල්ලංඝණය කර ඇති බව එම නිවේදනය මගින් පෙන්වා දි ඇත.

ඒ අනුව අද (13) දින සිට දින 14 ක් ඇතුළත මේ සම්බන්ධයෙන් නිදහසට කරුණූ දක්වන ලෙස ආදළ නිවේදනය මගින් දිල්හාර ලොකුහෙට්ටිගේ වෙත අවධාරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිව්ස් සහ දුෂ්මන්ත ලෝක කුසලාන කණ්ඩායමට කැඳවයි

Mohamed Dilsad

කුමාර ධර්මසේන හා රුචිර පල්ලියට කැඳවීමක්

Mohamed Dilsad

ලෝක ශූර මලල ක්‍රීඩක උසේන් බෝල්ටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment