ප්‍රමුඛ පුවත 1

නීතිපති කරුණු දක්වා අවසන්

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම අවස්ථාවේ නීතිපතිවරයා විසින් කරුණු දැක්වීම මීට සුළු වෙලාවකර පෙර අවන් කෙරුණි.

එහිදී නීතිපති ජයන්ත ජයසූරිය මහතා, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම හෝ විනිශ්චයක් ලබාදීම සඳහා අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කළහොත් එය ව්‍යවස්ථාව මෙන්ම ජනතාවගේ ස්වාධිපත්‍යය අත්හිටුවීමකට සමාන බව නීතිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

කරුණු දැක්වීම සඳහා ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලබාගැනීම තුළින් කිසිදු ආචාර ධර්මයක් උල්ලංගණය නොවන බව ඔහු ඊට පෙර ප්‍රකාශ කළේය.

මේ අතර, මැදිහත්කරුවන් ලෙස පෙනී සිටීම සඳහා ඉදිරිපත් කර තිබූ පෙත්සම් 17කට අදාළ කරුණු දැක්වීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී දැන් ආරම්භ වී ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කහටගස්දිගිලියේ අනතුරට වනජීවී ඇමතිගේ රියදුරෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කින්නියා සිද්ධියෙන් තුවාල ලැබූ නාවික සෙබළුන් තවමත් රෝහලේ

Mohamed Dilsad

අද සිට සීගිරිය නැරඹීමට ප්‍රවේශ පත්‍ර‍ අන්තර්ජාලයෙන්

Mohamed Dilsad

Leave a Comment