ප්‍රමුඛ පුවත 1

කින්නියා සිද්ධියෙන් තුවාල ලැබූ නාවික සෙබළුන් තවමත් රෝහලේ

(UTV|ත්‍රිකුණාමලය) – ත්‍රිකුණාමලය ,කින්නියා , කන්දල්කාඩු ප්‍රදේශයෙන් මහවැලි ගඟෙන් අනවසර  ලෙස වැලි ගොඩ දැමීමේ කටයුතුවල නිරතවූ පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදි ඇතිවූ සිද්ධියෙන් තුවාල ලැබූ නාවික හමුදා සෙබළුන් පිරිසක් තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව නාවික හමුදාව පවසයි.

ඒ අනුව නාවික සෙබළුන් සිව් දෙනෙකු ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා පැවසුවේ තුවාල ලැබූ සෙසු නාවික හමුදා සෙබළුන්ගේ තත්ත්වය යහපත් වන බවයි.ඔවුන්ට නාවික හමුදා වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබාදෙන බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මහවැලි ගඟේ අනවසර වැලි ගොඩදැමීම් මැඩලීමට පිහිටවූ ජනාධිපති කාර්ය සාධන බලකාය නාවික හමුදාවේ සහාය ඇතිව කන්දල්කාඩු ප්‍රදේශයේ ඊයේ පෙරවරුවේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

මෙහිදී නාවික හමුදාව සහ ප්‍රදේශවාසින් අතර  මෙම නොසන්සුන්තාව හටගත් අතර වැලි ජාවාරමේ යෙදී සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ජාවාරම්කරුවන් තුන් දෙනෙකු ගඟට පැන පීනා පළා ගොස් තිබුණි.

එහිදී වැලි ජාවාරම්කරුවන් සහ ප්‍රදේශවාසීන් එක්ව එහි සිටි නාවික හමුදා භට පිරිස් වෙත පහරදීමට උත්සාහ කල අතර, එහිදී පිරිස විසුරුවා හැරීමට අහසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කිරීමටද නාවික හමුදාවට සිදුවුණා.

මෙම සිද්ධියේදී පලාගිය පුද්ගලයින් තිදෙනාගෙන් එක් අයෙකු පොලිස් භාරයට ගෙන තිබූ අතර, ගඟට පැන පිහිනා පලා යාමට උත්සාහ කිරීමේදී අතුරුදන් වූ දෙදෙනාගෙන් එක් අයෙකු වන 22 හැවිරිදි තරුණයෙකුගේ සිරුර ඊයේ පස්වරුවේ සොයා ගැනුණි.

අතුරුදන්වූ අනෙක් පුද්ගලයා සොයා නාවික හමුදාව හා පොලීසිය එක්ව තවදුරටත් මෙහෙයුම් සිදුකරන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අනතුරු අඟවයි

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි

Mohamed Dilsad

අගමැති රනිල් යළි අගමැති බලාපොරොත්තුවක

Mohamed Dilsad

Leave a Comment