ක්‍රීඩා

ලෝක ශූර මලල ක්‍රීඩක උසේන් බෝල්ටත් කොරෝනා

(UTV |ඇමෙරිකාව) – ලොව වේගවත්ම මිනිසා ලෙස සැලකෙන ඔලිම්පික් රන් පදක්කම් ලාභී, ලෝක ශූර මලල ක්‍රීඩක උසේන් බෝල්ට්හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිදුකළ කොවිඩ් -19 පරීක්ෂණයේදී ඔහුට වෛරසය අසාදනය වී ඇති බව තහවුරු වූයේ යැයි ජැමෙයිකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබේ.

පසුගිය සිකුරාදා සිය 34 වන උපන් දිනය සමරා ඇත.

ඉන් දින කිහිපයකට පසු බෝල්ට්ට මෙලෙස කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

එම උපන් දින සැමරුම සඳහා මුඛ ආවරණ රහිතව අමුත්තන් රැසක් සහභාගි වී ඇති බවද පැවසේ.

ජැමෙයිකාවේ මේ වන විට කොරෝනාවෛරසය ආසාදිතයන් 1,612ක් හමුවී ඇති අතර මරණ 16ක් සිදුව තිබේ.

Related posts

ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුකරු ලෙස ජෙරම් පත් කෙරේ

Mohamed Dilsad

ඇමෙරිකාවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ට කඩුලු 09ක ජයක්

Editor O

අද තරඟයේ සූදානම..

Mohamed Dilsad

Leave a Comment