Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ඇමෙරිකාවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ට කඩුලු 09ක ජයක්

(UTV | කොළඹ) –

අයි.සී.සී 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ ඇමෙරිකාවට එරෙහි තරඟය, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු නවයකින් ජය ගත්හ.

තරඟයේ කාසියේ වාසිය දිනු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඇමෙරිකානු කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව පන්දුවට පහරදුන් ඇමෙරිකානු කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5 ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 128 ක් රැස් කළහ.

ජයග්‍රහණය සඳහා ලකුණු, 129ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 5 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 130 ලබාගනිමින් තරඟය ජයගත්හ.

 

Related posts

සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් දැනුම් දිමක්

Mohamed Dilsad

Rashida Tlaib rejects Israel’s offer of ‘humanitarian’ visit

Mohamed Dilsad

வரவுசெலவுத்திட்ட குழுநிலைவிவாதத்தின் 10ஆம் நாள் இன்று

Mohamed Dilsad

Leave a Comment