ක්‍රීඩා

කුමාර ධර්මසේන හා රුචිර පල්ලියට කැඳවීමක්

(UTV| කොළඹ) – ශ්‍රී  ලංකා විනිසුරුවන් දෙපළක් වන කුමාර ධර්මසේන හා රුචිර පල්ලියගුරුගේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් කැඳවා තිබේ.

ඒ ලබන සැප්තැම්බර් 4 වැනිදා මැන්චෙස්ටර්හිදීත් සැප්තැම්බර් 12 වැනිදා ලන්ඩන්හිදීත් ආරම්භ වන අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිවු වැනි හා 5 වැනි ටෙස්ට් තරග සඳහා විනිසුරුවන් ලෙස කටයුතු කරීමටය.

ඒ අනුව කුමාර ධර්මසේන හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් විනිසුරු මරායස් ඉරෙස්මස් එම තරග දෙකේදී පිටියේ විනිසුරුවන් ලෙස කටයුතු කරන අතර රුචිර පල්ලියගුරුගේ රූපවාහිනී විනිසුරු ලෙස කටයුතු කරයි.

මේ වන විට තරග 3ක් නිමාවට පත්වී ඇති මෙම තරගාවලියේ එංගලන්තය හා ඕස්ට්‍රේලියාව තරග 1-1ක් ලෙස සම තත්ත්වයක පසුවන අතර, එම තරග ත්‍රිත්වයේදීම ඉතා දුර්වල විනිසුරු තීරණ දක්නට ලැබිණි.

පළමු තරගයේදී පිටියේ විනිසුරුවන් ලෙස කටයුතු කළ කොදෙව් ජාතික ජොයෙල් විල්සන් හා පාකිස්තාන ජාතික අලීම් ඩාර් වැරැදි තීරණ 15ක් ලබාදීම මතභේදාත්මක කරුණක් බවට පත්ව තිබූ අතර නවසීලන්ත ජාතික ක්‍රිස් ගැෆනි ද දෙවැනි හා තෙවැනි තරගවලදී පිටියේ විනිසුරුවකු ලෙස කටයුතු කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිමුත්ගේ ඉවත්කිරීමට හරීන් සහ රසලුත් අසතුට පළ කරයි

Mohamed Dilsad

එක්දින පුහුණූ තරඟාවලියේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට.

Mohamed Dilsad

දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මසකට අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment