දේශීය

මැතිවරණයට එරෙහි පෙත්සමට එරෙහිව අතරමැදි පෙත්සම් දෙකක්

පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සම් දෙකක් ගොනුකර තිබෙනවා.

 

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිකයෙකු වන නීතිඥ සුනිල් වටගල සහ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරන්ග ගුණසේකර විසින් එම පෙත්සම් දෙක ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

 

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, වර්තමානයේ රට තුළ විශාල ආර්ථික අර්බුදයක් මතු වී තිබෙන හෙයින් මෙම අවස්ථාවේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම නුසුදුසු බව සඳහන් කරමින් විශ්‍රාමික යුද හමුදා කවරෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇති බවත් මෙම පෙත්සම තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

 

එබැවින් අදාළ පෙත්සම සඳහා මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙසත් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් අතරමැදි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

Related posts

පොදු ප්‍රවාහන සේවය අත්‍යවශ්‍ය කරුණකට පමණක් භාවිත කරන්න

Mohamed Dilsad

සම්පායෝගේ පෙත්සම සලකා බැලීම කල් යයි

Mohamed Dilsad

රාජ්‍ය නිලධාරින්ගේ වාහන බලපත්‍ර ගැන කම්කරු ඇමතිගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment