දේශීය

වැසි තත්ත්වයේ යළි වැඩිවීමක්

(UTV | කොළඹ) – දිවයිනට ආසන්න පහළ වායු ගෝලයේ කැළබිලි ස්වභාවය යලි වර්ධනය වීමත් සමඟ වැසි තත්ත්වයේ වැඩි විමක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

පහළ වායුගෝලයේ ඇති වෙමින් පවතින කැළබිලි සහගත ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දී ප්‍රදේශ කිහිපයකම තද වැසි ඇති වේ.

උතුරු , නැගෙනහිර හා උතුරු මැද පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

සෙසු ප්‍රදේශවලට සවස් කාළයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

උතුරු , නැගෙනහිර , බස්නාහිර , සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලමීටර 50 ඉක්ම වු තද වැසි මෙන්ම තාවකාලික තද සුළං ද ඇති විමේ ඉඩකඩ පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පෙන්වා දෙයි.

Related posts

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් ලබන සතියේ දිවයිනට

Mohamed Dilsad

ජනකගේ පෙත්සමට අධිකරණය දුන් නියෝගය

Mohamed Dilsad

ඇඳිරි නීතිය සමයේ අත්අඩංගුවට ගත් වාහන යළිත් අයිතිකරුවන්ට [RELEASE]

Mohamed Dilsad

Leave a Comment