දේශීය

ජනකගේ පෙත්සමට අධිකරණය දුන් නියෝගය

ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා ඇතුළු පිරිසක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකාබැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

 

ප්‍රීති පද්මන් සූරසේන සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම් අද (17) කැඳවු අතර එහිදී විනිසුරු මඩුල්ල නියම කර ඇත්තේ පෙත්සම් සලකාබැලීම ලබන 19 වනදා කැඳවන ලෙසය.

 

පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මෑතකදී ලංකා විදුලිබල මණ්ඩලය ගත් තීරණය සඳහා මහජන උපයෝගිතා කොමිසමේ විධිමත් අවසරයක් ලැබී නොතිබූ බවය.

 

ඒ අනුව, අදාළ ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම ගාස්තු ක්‍රමය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related posts

මයන්තගේ ඉල්ලා අස්වීම කථානායකට දැනුම්දෙයි

Mohamed Dilsad

සිරිල් ගාමිණී පියතුමා අත්අඩංගුවට ගන්නේ නෑ – CID

Mohamed Dilsad

වැඩ බලන පොලිස්පති ජනපති කොමිසමට

Mohamed Dilsad

Leave a Comment