විදෙස්

දකුණු කොරියාවේදී ලාංකික තරුණයෙකුත් ජීවිතක්ෂයට [UPDATE]

(UTV |  දකුණු කොරියාව) – දකුණු කොරියාවේ සෝල් අගනුවර එළිමහන් උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් මියගිය පුද්ගලයින් අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව වාර්තා වේ.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මේ බව තහවුරු කර තිබේ.

එලෙස මිය ගොස් ඇත්තේ 27 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු බව අනාවරණය වී ඇත.

දකුණු කොරියාවේ සෝල් අගනුවර ඊයේ පැවති හැලොවින් සාදයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් මේ වන විට පුද්ගලයින් 150ක් පමණ ජීවිතක්ෂයට පත්වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී තවත් පුද්ගලයින් 80 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවය.

මියගිය පුද්ගලයින්ගෙන් වැඩිදෙනෙකු යොවුන් වියේ තරුණයින් බව සඳහන් වේ.

අදාළ උත්සවය සඳහා විශාල ජනතාවක් රැස්ව සිට ඇති අතර පටු මන්තීරුවක විශාල පිරිසක් එක්රැස්වීම මෙම අනතුරට හේතුවී ඇති බව එරට ගිනිනිවන හමුදාව පෙන්වා දෙයි.

කොවිඩ් වසංගතයෙන් අනතුරුව මුඛ ආවරණ නොමැතිව දකුණු කොරියාවේ පැවති පළමු එළිමහන් උත්සවය මෙය ලෙස ද වාර්තා වේ.

Related posts

ෂාරුක් ඛාන්ගෙන් අලුත් වැඩක්

Mohamed Dilsad

බ්‍රසීලයේ ජනාධිපතිවරණයේ පළමු වටයේ ජය විපක්ෂයට

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ සුන්බුන් අතර තිබූ කුඩා දරුවන් 34කගේ මළ සිරුරු

Mohamed Dilsad

Leave a Comment