දේශීය

රෝහල් තුළ ඖෂධ වර්ග රැසක හිඟයක්

(UTV | කොළඹ) – ඇණවුම් කළ ඖෂධ තොගය මෙතෙක් දිවයිනට ගෙන්වා ගැනීමට ‍නොහැකි වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අදාළ ඖෂධ ඉන්දීය ණය අධාර වැඩසටහන යටතේ ඇණවුම් කළ ඒවා වන බවට තොරතුරු අනාවරණය වේ.

එහි ජ්‍යේෂ්ඨ නිලධාරි‍යෙකු පැවසුවේ ඇමරිකානු ඩොලර් මිලියන 50 ක වටිනාකමින් යුත් ඖෂධ වර්ග 1000 කට අධික සංඛ්‍යාවක් මෙමගින් දිවයිනට ගෙන්වා ගැනීමට සැලසුම් කළ බවයි.

එම කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් ඖෂධ වර්ග රැසක පවතින හිඟය මෙතෙක් මහ හැරවිමට නොහැකි වූ බව ද අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

එම අමාත්‍යංශය ප්‍රකාශ කළේ, ලෝක සෞඛ්‍ය සංවිධනයෙන් ද ඩොලර් මිලියන 4 ක ඖෂධ හා උපකරණ මෙරටට ලැබීමට නියමිත බවයි.

Related posts

මැතිවරණ කොමිසම අද රැස්වේ

Mohamed Dilsad

විභාග දෙපාර්තමේන්තුවෙන් පාසල් සිසුන්ට පවත්වන කඩඉඩම් විභාග ලබන වසරේ සිට නියමිත කාලයේදී

Editor O

පාසල් ආරම්භ කිරීට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් මාලාවක් නිකුත් කරයි

Mohamed Dilsad

Leave a Comment