දේශීය

වැසි තත්ත්වයේ අඩුවක්

(UTV | කොළඹ) – දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය තරමක් දුරට අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, සහවයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Related posts

කන්ටේනර් 323 ට අදාළ විමර්ශන සඳහා පාර්ලිමේන්තු කාරක සභාවට විපක්ෂයේ සාමාජිකයන් නම්කරයි

Editor O

බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් අද (09) උදේ 11ට වසාදමයි

Editor O

ඉන්දන පිරවුම්හල් හිමියෝ අර්බුධයක…?

Editor O

Leave a Comment