දේශීය

රෝහල් තුළ ඖෂධ වර්ග රැසක හිඟයක්

(UTV | කොළඹ) – ඇණවුම් කළ ඖෂධ තොගය මෙතෙක් දිවයිනට ගෙන්වා ගැනීමට ‍නොහැකි වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අදාළ ඖෂධ ඉන්දීය ණය අධාර වැඩසටහන යටතේ ඇණවුම් කළ ඒවා වන බවට තොරතුරු අනාවරණය වේ.

එහි ජ්‍යේෂ්ඨ නිලධාරි‍යෙකු පැවසුවේ ඇමරිකානු ඩොලර් මිලියන 50 ක වටිනාකමින් යුත් ඖෂධ වර්ග 1000 කට අධික සංඛ්‍යාවක් මෙමගින් දිවයිනට ගෙන්වා ගැනීමට සැලසුම් කළ බවයි.

එම කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් ඖෂධ වර්ග රැසක පවතින හිඟය මෙතෙක් මහ හැරවිමට නොහැකි වූ බව ද අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

එම අමාත්‍යංශය ප්‍රකාශ කළේ, ලෝක සෞඛ්‍ය සංවිධනයෙන් ද ඩොලර් මිලියන 4 ක ඖෂධ හා උපකරණ මෙරටට ලැබීමට නියමිත බවයි.

Related posts

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

රටේ ආර්ථිකය වැටී ඇති තැනින් ගොඩ ගන්න සැළසුමක් දෙන්න – ජනපති

Mohamed Dilsad

ජනාධිපති මාධ්‍ය අංශයේ කාර්යය මණ්ඩල තොරතුරු දෙන්න බැහැ – ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජේ.පී.එච්.එම් කුමාරසිංහ

Editor O

Leave a Comment