දේශීය

පාසල් ආරම්භ කිරීට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් මාලාවක් නිකුත් කරයි

(UTV | කොවිඩ් 19 ) – කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමෙන් අනතුරුව පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ඒ අනුව , දැනට තීරණය කර ඇති දිනයට පාසල් ආරම්භයට පෙර සියලු පාසල් විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් අනතුරුව ද අවස්ථා කිහිපයකදි සියලු පාසල් විෂබීජහරණයට ලක් කෙරෙනු ඇත.

මීට අමතරව පාසල් පවත්වාගෙන යාමේ දී සියලු ශ්‍රේණී සදහා පාසල් විවෘත කිරීමක් සිදු නොවන අතර විභාග පාදක කරගනිමින් 10 ට ඉහළ ශ්‍රේණී සදහා පමණක් පාසල් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Related posts

සිරකරුවන්ට අමුත්තන් බැලීමට සතියට දින 02ක්

Mohamed Dilsad

පලාලි ගුවන්තොටුපල සංවර්ධනයට ඉන්දියාව සමඟ කඩිනමින් ගිවිසුම්

Mohamed Dilsad

අද පළමු වරට රැස්වෙන “එක රටක් එක නීතියක්’ ජනපති කාර්ය සාධක බලකාය

Mohamed Dilsad

Leave a Comment