දේශීය

ජාතික සභාවේ පළමු රැස්වීම 29වන දා

(UTV | කොළඹ) – ජාතික සභාව බ්‍රහස්පතින්දා (29) පළමු වරට රැස්වීමට නියමිත බව කතානායක මහින්ද යපා අබේවර්ධන මහතා පවසනවා.

සභාවේ ඉදිරි කටයුතු පිළිබඳ එහිදී සාකච්ඡා කරන බව කතානායකවරයා ප්‍රකාශ කරනවා.

ජාතික සභාව සඳහා දේශපාලන පක්ෂ විසින් පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් කතානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළා.

ඩග්ලස් දේවානන්ද, නසිර් අහමඩ්, ටිරාන් අලස්, සිසිර ජයකොඩි, සිවනේසතුරේයි චන්ද්‍රකාන්තන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රවුෆ් හකීම්, පවිත්‍රා වන්නිආරච්චි හා වජිර අබේවර්ධන යන මහත්ම මහත්මින්ගේ නම් ඊට ඇතුළත් වනවා.

එම නම් වළට අමතරව ඒ.එල්.එම් අතාවුල්ලා, තිස්ස විතාරණ, රිෂාඩ් බදියුදීන්, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, පලනි දිගම්බරන්, මනෝ ගනේෂන්, උදය ගම්මන්පිල හා රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරුන්ගේ නම් ද ජාතික සභාවට යෝජනා කර ඇත.

නාමල් රාජපක්ෂ, ජිවන් තොණ්ඩමන්, ගජේන්ද්‍ර කුමාර්, අතුරලියේ රතන, අසංක නවරත්න, අලි සබ්රි රහිම්, සි.වී විග්නේෂ්වරන්,වීරසුමන වීරසිංහ හා සාගර කාරියවසම් යන මහත්වරුන් ද ජාතික සභාවට ඇතුළත් වනවා.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ ඩලස් අලහප්පෙරුම පාර්ශවය නියෝජනය කරමින් කිසිදු මන්ත්‍රීවරයෙකු ඊට නම් කර කර නොතිබීම විශේෂත්වයක්.

Related posts

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු කොවිඩ් සේවා වලින් ඉවත් වෙයි[AUDIO]

Mohamed Dilsad

අපහරණ චෝදනා එල්ල වූ අම්පාරේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මෙරටට පැමිණෙන ගුවන් යානා සඳහා පැනවූ තහනම තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment