දේශීය

පෑලියගොඩ මාළු තොග මිල පහළට

(UTV | කොළඹ) – පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ තොග මිල සියයට 50කින් පහල බැස ඇති බව, පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳපොළේ ලේකම් ජයන්ත කුරේ පැවැසීය. ඒ අනුව බලයා කිලෝව රු. 600ක්, කෙලවල්ලා කිලෝව රු. 1000ක්, පරා කිලෝව රු. 1500ක්, සාලයා කිලෝව රු. 350ක්, හුරුල්ලා කිලෝව රු. 750ක්, ලින්නා කිලෝව රු. 600ක් ආදී ලෙස අළෙවි වේ.

මත්ස්‍ය අස්වැන්න ඉහළ යාමත් සමග මෙලෙස මිල පහළ බැස ඇති බවත් මෙම මිල ගණන් ලබන නොවැම්බර් මස අග වන තුරු පවතින බවත් ලේකම්වරයා සඳහන් කළේය.

තෝරා, කොප්පරා හා තලපත් මිල වෙනසක් නොමැති බවත් ඒවා කිලෝව රුපියල් 2500ත් 2800ත් අතර මිල ගණන් යටතේ අලෙවි වන බවත් හෙතෙම පැවැසීය. ඉදිරියේදී මෙම මත්ස්‍ය වර්ගවල මිල ද පහල බසිනු ඇති බව ඔහු කීවේය.

Related posts

ජපුරේ සිසුවා අනතුරට පත්කිරීමේ සැකකාර සිසුන් අද අධිකරණයට

Mohamed Dilsad

ෂොපින් බෑග්වලට මුදල් අය කරන ලෙස ගැසට් නිවේදනයේ සඳහනක් නැහැ

Editor O

කොරෝනා එන්නත් විශේෂ පෙරහුරුවක් අද ස්ථාන 3 කදී

Mohamed Dilsad

Leave a Comment