දේශීය

කොරෝනා එන්නත් විශේෂ පෙරහුරුවක් අද ස්ථාන 3 කදී

(UTV | කොළඹ) – කොරෝනා සඳහා එන්නත් ලබා දීමේ විශේෂ පෙරහුරුවක් අද (23) දිවයිනේ රෝහල් 3 කදී පැවැත්වෙනු ලැබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, පිළියන්දල ප්‍රාදේශිය රෝහල සහ රාගම ශික්ෂණ රෝහලේදී පැවැත්වෙන බවයි.

එන්නත්කරණ ක්‍රියාවලිය ආරම්භ වීමෙන් පසුව උද්ගතවිය හැකි ප්‍රායෝගික ගැටලූ හදුනාගැනීම මෙම පෙරහුරුවේ අරමුණ බවද ඔහු කියා සිටියා.

සෞඛ්‍ය අමාත්‍යාංශය ආශ්‍රිතව මේ වනවිට කොරෝනා අසාදිතයින් 12 දෙනෙකු වාර්තා වී ඇතැයි ද ඔහු පැවසීය.

 

Related posts

යාපනය සරසවි කිළිනොච්චි මණ්ඩපය සිසුන් පිරිසකට තහනම්

Mohamed Dilsad

අධික වර්ෂාව නිසා ප්‍රදේශ රැසකට විදුලි සැපයුම ඇණහිටී

Mohamed Dilsad

ජනපති නිල සංචාරයකට

Mohamed Dilsad

Leave a Comment