ගොසිප්

කොරෝනා පැණිය බිවූ පවිත්‍රාටත් කොරෝනා

(UTV | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

ඇයගේ ස්වාමිපුරුෂයාට කොවිඩ් ආසාදනය වී තිබුණු බවත් පසුව කොළඹ ජාතික රෝහලේ දී සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂණයකින් ඇයත් කොවිඩ් ආසාදිත යැයි තහවුරු වූ බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට ඇය PCR පරීක්ෂණයකට මුහුණදී ඇති අතර, එහි ප්‍රතිඵලය ලැබෙනතුරු නිවසේ නිරෝධායනය වීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය හෝ අමාත්‍යවරිය කිසිදු නිළ නිවේදනයක් මේ දක්වා නිකුත් කර නොමැත.

ඊයේ පස්වරුවේ නෙළුම් මාවතේ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමක දී ද මේ පිළිබඳව සාකච්ඡා වී ඇතැයි සඳහන්.

 

Related posts

නුවර උපන් කොළ පැහැති බලු පැටියා [PHOTOS]

Mohamed Dilsad

එංගලන්තයේ අරුම පුදුම පාවෙන නැව

Mohamed Dilsad

කොළඹ ගැන රජය ගත් තීරණය මෙන්න

Mohamed Dilsad

Leave a Comment