දේශීය

ජනපති නිල සංචාරයකට

දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජුලි 21 වනදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

 

ජනාධිපතිවරයා එහිදි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

 

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් ද ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට එක්වීමට නියමිත බව සඳහන්ය.

 

මෙම සංචාරය තුළ දී ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

 

එමෙන්ම ජනාධිපතිධුරයට පත් වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සංචාරයේ නිරතවන පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

 

මේ අතර ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මහතා මෙම සතියේ දී මෙරට සංචාරය කිරීමට සැලසුම් කර තිබේ.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වෙනුවෙන් විදේශ ලේකම්වරයා දිවයිනට පැමිණෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

Related posts

ළමුන් අතර රෝග පැතිරීමේ අවදානමක්

Mohamed Dilsad

කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාසල් වැසෙයි

Mohamed Dilsad

ලංවිම සේවක වන්දි ගෙවන්න කෝටි 15,000ක් අවශ්‍යයි | බැංකු ණයක් ගන්න විදුලි බල මණ්ඩලයේ සූදානමක්…!!

Editor O

Leave a Comment