දේශීය

පුරාවිද්‍යා නැරඹුම් ස්ථාන හා කෞතුගාර යළි විවෘත කෙරේ

(UTV | කොළඹ ) – අද (01) සිට පුරාවිද්‍යා නැරඹුම් ස්ථාන හා ස්මාකර මෙන්ම ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් සියලු කෞතුකාගාර යළි විවෘත කෙරේ.

කොරෝනා ව්‍යාප්තියත් සමග මාස තුනකට අධික කාලයක් පුරා විද්‍යා නැරඹුම් ස්ථාන වසා දමා තිබිණ.

මේ යටතේ කොළඹ ජාතික කෞතුකාගාරය ඇතුළු කෞතුකාගාර 11 ක් යළි විවෘත කෙරෙන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සනෝජා කස්තුරිආරච්චි මහත්මිය සඳහන් කළේය.

අද සිට සෞඛ්‍ය නිර්දේශවලට අනුව සීගිරිය, දඹුල්ල,යාපහුව ඇතුළු සියලු පුරා විද්‍යා නැරඹුම් ස්ථාන ඇතුළු ස්මාරක සංචාරකයින් සඳහා විවෘත කෙරේ.

Related posts

ගතවු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 681ක් අත්අඩංගුවට

Mohamed Dilsad

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

මැනිං වෙළඳපොල හෙට සිට සෑම ඉරිදාවකම විවෘතයි

Mohamed Dilsad

Leave a Comment