දේශීය

අපහරණ චෝදනා එල්ල වූ අම්පාරේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

(UTV | අම්පාර) –  අම්පාර – උහන – ගෝනාගොල්ල සෙනරත් පුර ග්‍රාමීය රෝහලේ ලිංගික අපහරණ චෝදනා එල්ල වූ වෛද්‍යවරයකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

උහන ප්‍රදේශයේ පාසලක සිසුවියන් සිව් දෙනෙකු ලිංගික අපහරණයට ලක් කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වෙයි.

මෙම සිසුවියන් පිරිස අද පැවැත්වීමට නියමිතව තිබූ ධාවන තරඟ ඉසව්වකට සහභාගි වීම සඳහා වෛද්‍ය සහතිකයක් ලබා ගැනීමට පැමිණ තිබෙන අතර , එහිදී ඔවුන්ට වෛද්‍ය සහතිකය සඳහා පරීක්ෂණ කටයුතු කරන මුවාවෙන් ලිංගික අතවර සිදුකර ඇති බවට ලද තොරතුරකට අනුව මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සිසුවියන් අවුරුදු 18, 17 සහ 14 යන වයස්වල පසුවන අයයි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් එම සිසුවියන් 04 දෙනාගෙන් පොලිසියට පැමිණිලි ලැබී ඇත.

Related posts

දැරියව අපයෝජනය කළ පුද්ගලයාව ඝාතනය කළ 6ක් අත්අඩංගුවට

Mohamed Dilsad

පක්ෂ ලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

Mohamed Dilsad

සංචරණ සීමා රකින්න සෙබළියෝ 100ක යතුරු පැදි බලඇණියක්

Mohamed Dilsad

Leave a Comment