දේශීය

ඉන්ධන නැතුව පිරවුම් හල් වහයි

(UTV | කොළඹ) – මේ වන විට ඛනිජ තෙල් සංස්ථාවෙන් ඩීසල් සහ පෙට්‍රල් යන ඉන්ධන වර්ග දෙකේම තොග නොලැබෙන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය කියා සිටී.

පිරවුම්හල් සංස්ථාවෙන් ඉන්ධන ඇණවුම් කළත් තොග ප්‍රවාහනය කිරීමට ගිය විට සංස්ථාවෙන් පවසන්නේ ප්‍රමාණවත් ඉන්ධන ලබාදීමට හැකියාවක් නොමැති බව යැයි ඔවුහු පෙන්වා දෙති.

ඒ හේතුවෙන් රට පුරා නැවතත් ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බව මෙම සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා ප්‍රකාශ කළේය. ඔහු කියා සිටියේ ඉන්ධන නොමැතිවීම හේතුවෙන් පිරවුම්හල් රැසක් වසා ඇති බවය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයෙන් ද පවසා සිටියේ බහුතරයක් පිරවුම්හල්වල ඩීසල් නොමැති බවත් පෙට්‍රල් තිබන්නේද ඉතාමත් සීමිතව බවත්ය.

මේ සම්බන්ධයෙන් සංස්ථාවේ ප්‍රකාශකයකු පැවසුවේ ඉන්ධන තොගවල සීග්‍ර අඩුවක් තිබෙන බවය. මේ හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇති බවත් ඉන්ධන නැව් ඉතාමත් ඉක්මනින් පැමිණීම මේ මොහොතේ අත්‍යවශ්‍ය බවත් හෙතම පැවසීය.

Related posts

රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණය තහනම්

Mohamed Dilsad

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකට බාර දෙයි

Editor O

ඩොලර් බිලියන 180ක ආර්ථිකයක් ඇති කිරීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙලක් අප සතුයි – නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment