Trending Newsඑසැන පුවත්දේශීය

ඩොලර් බිලියන 180ක ආර්ථිකයක් ඇති කිරීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙලක් අප සතුයි – නාමල් රාජපක්ෂ

රටේ මතු පරපුර වෙනුවෙන් දියුණු රටක් නිර්මාණය කිරීමට නම් එළැඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ යුතු යැයි ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි. මහනුවර ප්‍රදේශයේ පැවති රැස්වීමකදී රාජපක්ෂ මහතා එම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය. මේ පණිවුඩය ගමට ගෙනියන්න. අපට වැඩපිළිවෙළක් තියෙනවා. අපි රටට වැඩකරලා තියෙනවා. මේ රටට එරෙහිවෙලා නැහැ. අපේ රටට නොගැළපෙන කිසිදු නීතියක් සම්මත කරන්න උත්සාහ කරන්නේ නැහැ. අපේ ඉලක්කය ඩොලර් බිලියන 180ක ආර්ථිකයකට යෑම.සමහරු අහනවා මේක පුළුවන්ද කියලා. වැඩකරන්න බැරි අයට, වැඩකරලා නැති අයට ඒක කරන්න බැහැ. හැබැයි අපි දන්නවා ඒක කරන විදිහ.

Related posts

නාවික සෙබලුන්ගේ ස්පර්ශකයින් පිලිබඳ සෞඛ්‍ය අංශ සහ බුද්ධි අංශය විමසිල්ලෙන්

Mohamed Dilsad

Colombo MC seeks Police, military assistance to nab people disposing waste illegally

Mohamed Dilsad

කොවිඩ් එන්නත් දුන් පිරිස 120,000 ට ආසන්න වෙයි

Mohamed Dilsad

Leave a Comment