Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

තීරු බදු රහිතව වාහන ආනයනය මින් ඉදිරියට තහනම්

ලබන වසරේ සිට වාහන ආනයනය කෙරුණද තීරු බදු රහිතව කිසිදු පාර්ශ්වයකට වාහන ආනයනය කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. එම තීරණය ගෙන ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹ ඇති ගිවිසුම්වලට අනුකූලව බවද හෙතෙම කියයි.

මෙම වසරේ ඔක්තෝබර් පළමුවැනිදා සිට අදියර කිහිපයක් යටතේ වාහන ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති අතර ඒ අනුව පළමුවෙන් ආනයනය කරනු ලබන්නේ, පොදු ප්‍රවාහන සේවා සඳහා භාවිත කරන රථයි. වාණිජ සහ භාණ්ඩ ප්‍රවාහන රථ මෙම වසරේ දෙසැම්බර් පළමුවැනිදා සිට ආනයනය කරන බවද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

අමාත්‍යවරයා මෙසේ ද කීවේය. සියලුම වර්ගවල වාහන 2025 දෙවැනි මාසයේ පළවෙනිදා සිට ආනයනය කිරීම සඳහා අවසර ලබා දුන්නා. ඒ අනුව 2025 පෙබරවාරි 01 සිට කාර්, වෑන්, ස්පෝට් යුටිලිටි වාහන පිකප් යන ආදීය වාහන ආනයනය කිරීම සඳහා අවසර ලබාදී තිබේ. දැන් අනායන තහනම ඉවත් කළාම බලපත්‍රලාභීන්ට තමන්ගේ බලපත්‍රය අනුව වාහන ආනයනය කරන්න පුළුවන්. ගිවිසුම් ප්‍රකාරව දශමයකින්වත් වෙනස් නොකර ඒ කොන්දේසි ඉටුකරනවා. එහි සඳහන් කරලා තියෙන්නේ හොඳ කරුණක්. කාටවත් නිදහස් ප්‍රවේශ පත්‍ර යටතේ ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට හෝ කාටවත් වාහන ආනයනය කරන්න බැහැ.

Related posts

சாதாரண தரப் பரீட்சையின் பெறுபேறுகள் எதிர்வரும் வாரம் வெளியிடப்படும்

Mohamed Dilsad

Police deployed to ensure safety of commuters, Railway Station

Mohamed Dilsad

මධුෂ් සමග සබඳතා පැවැත්වූ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment