දේශීය

මධුෂ් සමග සබඳතා පැවැත්වූ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ ) – මිනුවන්ගොඩ, යටියන ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ් සමග සබඳතා පැවැත්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කලක සිට මාකඳුරේ මධුෂ් සමග එක්ව මත්කුඩු ජාවාරම මෙහෙයවා ඇති බව පොලීසිය පැවසුවේය.

මත්කුඩු අලෙවි කිරීමෙන් ඔහු මාසිකව රුපියල් මිලියන 40 කට ආසන්න මුදල් සිය බැංකු ගිණුම්වලට බැර කර ඇති බව අනාවරණයවී ඇතැයි පොලීසිය පැවසීය.

ඒ අනුව සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 08 ක මුදල් මෙන්ම මෝටර් රථයක් පොලීසිය භාරයට ගෙන තිබේ.

සැකකරුගේ බැංකු ගිණුමෙන් මාස කිහිපයක් තුළ රුපියල් මිලියන 480 කට ආසන්න මුදල් හුවමාරුවී ඇති බව පොලීසිය සඳහන් කළේය.

47 හැවිරිදි සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර දින 07 ක රැඳවුම් නියෝග මත මේ වනවිට සැකකරුගෙන් ප්‍රශ්න කරමින් ඇතැයි පොලීසිය වැඩිදුරටත් පවසයි.

Related posts

උපාධිධාරීන්ට රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ ලබන මස දී

Mohamed Dilsad

කොළඹ ඇතුළු පළාත් කිහිපයකට නැවතත් ඇඳිරි නීතිය

Mohamed Dilsad

වසර 28 කට පසුව අපනයන සංවර්ධන සභාව රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment