දේශීය

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් TID භාරයට

(UTV | කොළඹ) – අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සෙසු දෙදෙනා කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ බවට තොරතුරු ලැබුණ හොත් ඔවුන් සම්බන්ධ පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන ඒකකයට භාරදෙන ලෙස පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ, ඔවුන් තිදෙනා සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව අදාළ විමර්ශනවලදී රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සඳහා අවශ්‍ය කටයුතු සිදුවී ඇද්ද යන්න සම්බන්ධයෙන් සහ ත්‍රස්වාදී ක්‍රියා සම්බන්ධයෙන් යම් සම්බන්ධයක් තිබෙනවාද යන්න සම්බන්ධයෙන් සොයා බාලා ඒවා සම්බන්ධයෙන් කරුණු අනාවරණය වන්නේ නම් ඔවුන් පිළිබඳ පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන ඒකකයට භාරදෙන ලෙස පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

ජාතික පාසල් සංඛ්‍යාව 1000 දක්වා වැඩි කිරීමේ සැළසුමක්

Mohamed Dilsad

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

ඩුබායි මැරියට් හෝටලයේ අයිතිය, රාජපක්ෂලාට තියෙනවානම් වහාම ශ්‍රී ලංකා රජයට පවරා ගන්න – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment