දේශීය

Yuan Wang 5 නෞකාව අද පිටත්වෙයි

(UTV | කොළඹ) – දිවයිනට පැමිණි Yuan Wang -5 චීන පර්යේෂණ නෞකාව යළි අද (22) දිනයේ චීනය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පස්වරු 4.00 ට චීන පර්යේෂණ නෞකාව යළි චීනය බලා පිටත්ව යාමට නියමිත අතර එම නෞකාව පසුගිය 16 වනදා හම්බන්තොට වරාය වෙත පැමිණි අතර එය අද දිනය දක්වා එම වරායේ නැංගුරම්ලා තැබීමට අවසර හිමි වුණා.

නෞකාව හම්බන්තොට වරාය වෙත පැමිණෙන බව දැනුම්දීමත් සමඟ ඉන්දියාවෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර පසුව යළිත් අදාළ නෞකාවට හම්බන්තොට වරාය වෙත පැමිණිමට අවසර ලබාදී තිබුණා.

Related posts

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

Mohamed Dilsad

ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් වසා දමන්නැයි නියෝගයක්

Mohamed Dilsad

ගංඟාරාමාධිපති කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝ නායක ගල්බොඩ ඥානිස්සර නාහිමියෝ අපවත් වෙති.

Editor O

Leave a Comment