දේශීය

ජාතික පාසල් සංඛ්‍යාව 1000 දක්වා වැඩි කිරීමේ සැළසුමක්

(UTV |කොළඹ) – දිවයිනේ සමස්ථ ජාතික පාසල් සංඛ්‍යාව 1000 දක්වා වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි.

දැනට පවතින ඇතැම් ජාතික පාසැල් නමට පමණක් සීමා වී ඇති අතර ඒවායේ ප්‍රමාණයත් පහසුකම් කිසිවක් නොමැති  බවත් සඳහන් කර සිටින ජනාධිපතිවරයා එවැනි පාසල් කඩිනමින් සංවර්ධනය කළ යුතු බවත් පෙන්වා දෙයි.

සියලු රාජ්‍ය අමාත්‍යවරුන් සමග ඊයේ (10) ජනාධිපති කාර්යාලයේ දී කළ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා විසින් මෙම තීරණයට එළඹ ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ගුරු මාරුවීම් සහ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම හැර පාසල් පද්ධතියේ දියුණුවට ඉවහල්වන සෑම කාර්යයක් සඳහාම හවුල් වීමේ අවස්ථාව දේශපාලනඥයන්ට විවෘතව පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නමුත් එය පොදු යහපත අරමුණු කරගත් කටයුත්තක් මිස දේශපාලන ඇඟිලි ගැසීමක් නොවිය යුතු බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටි.

Related posts

ශ්‍රී ලංකා ජනපති සහ ලැට්වියා ජනරජ ජනපති අතර හමුවක්

Mohamed Dilsad

නවක හෙද හෙදියන් 2519කට පත්වීම්

Mohamed Dilsad

සැමියාගේ පහරදීමෙන් බිරිඳ ඝාතනය වෙයි

Mohamed Dilsad

Leave a Comment