දේශීය

පාසල් ආරම්භය පිළිබඳ විශේෂ ප්‍රකාශයක්

(UTV | කොළඹ) – දිවයිනේ සියලු පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණි අනිද්දා අනිවාර්යයෙන් ආරම්භ වන අතර, ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, 10, 11, 12 සහ 13 ශ්‍රේණි අධ්‍යයන කටයුතු මෙලෙස ආරම්භ කිරීම සඳහා කොවිඩ් මර්දන කමිටුවේ නිර්දේශ ලැබී ඇති බවයි.

කොරෝනා වසංගතය හමුවේ වසර දෙකක පමණ කාලයක් දිවයිනේ පාසල් වරින් වර වසා දමා තිබූ අතර වසංගත තත්ත්වය පාලනය කිරීමත් සමග සියලු‍ පාසල්වල ප්‍රාථමික අංශ පසුගිය මස 25 වැනිදා ආරම්භ කෙරුණා.

6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම පිළිබඳ මෙන්ම අතපසු වූ විෂය නිර්දේශ ආවරණය කිරීම සහ විභාග පැවැත්වීමට අදාළ කටයුතු පිළිබඳවද මේ වනවිටත් අවධානය යොමුව තිබෙනවා.

මේ අතර, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සියයට 50ක උපරිම ධාරිතාවකින් යුතුව ලබන මස 16 වැනි දා සිට ආරම්භ කිරීමට නියමිතයි.

Related posts

මහනුවර – බදුල්ල දුම්රිය 2ක් ධාවනයට

Mohamed Dilsad

ඩෙල්ටා සොයා රටපුරා අහඹු පීසීආර් පරීක්ෂණ

Mohamed Dilsad

අද කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment