දේශීය

අද කාලගුණයේ වෙනසක්

(UTV | කොළඹ) – දිවයින හරහා ඊසානදිග මෝසම් කාලගුණික ලක්ෂණ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  

ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර පළාතේ, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2.00 න් පසුව තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇති විය හැකිය.

Related posts

අද පළමු වරට රැස්වෙන “එක රටක් එක නීතියක්’ ජනපති කාර්ය සාධක බලකාය

Mohamed Dilsad

දුම්රිය වාර ප්‍රවේශපත්‍රවලින් ලංගම බස්වල යන්න පුළුවන්, මාර්ග අවහිරතා නිසා දුම්රිය ධාවනය නොවන ප්‍රදේශවල පමණයි.

Editor O

ශ්‍රී ලාංකික ධීවරයින් 5 දෙනෙකු ඉන්දීය නාවික හමුදා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment