Trending Newsඑසැන පුවත්දේශීය

කොරියානු ඊ8 කාණ්ඩයේ රැකියා සඳහා බඳවාගැනීම් ගිවිසුම් විදිමත් කිරීමට පියවර

ප්‍රශ්නගත දකුණු කොරියානු ඊ8 කාණ්ඩයේ රැකියා සඳහා බඳවාගැනීම් හා පිටත්කිරීමේ ක්‍රමවේදය ඉතාම සූක්ෂමව අධ්‍යනය කරමින්, එය නීත්‍යානූකූල කිරීමේ හැකියාව සොයාබලන බව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. පසුගිය කාලයේදී ඊට අදාළව අත්සන් කර ඇති ගිවිසුම නීත්‍යානූකූල නොවන බවත්, ඒ සම්බන්ධව නිකුත්කර තිබූ චක්‍රලේඛ යළි අවලංගුකර තිබෙන බවත් ඔහු සඳහන් කරයි.

ඊ8 වීසා සහිත රැකියා අයත්වෙන්නේ සෘතුමය රැකියා කාණ්ඩයට වන අතර, මාස 5ක පමණ කාලයකට කොරියාවේ කෘෂි හා ධීවර අංශයේ රැකියා කිරීමට ඉන් අවස්ථාව ලබාදී තිබේ. මෙම රැකියා සම්බන්ධව පසුගිය කාලයේදී අත්සන් කර ඇති ගිවිසුම රාජතාන්ත්‍රික නොවන බැවින් එය කොරියානු තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව, මේ වසරේ සැප්තැම්බර් මස 03වෙනි දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපතිවරයෙකුගේ අත්සනින් නිකුත් කරන ලද චක්‍රලේඛය සැප්තැම්බර් මස 23 වෙනි දින යළි අවලංගු කර තිබේ.

ඒ අනුව, මේ වන විට මෙම රැකියා සඳහා කිසිදු නීතිමය වලංගු භාවයක් නොමැති අතර, පසුගිය දිනවල විවිධ පාර්ශව සිදුකරන ලද චෝදනා සත්‍යයෙන් තොර බවද සභාපතිවරයා ප්‍රකාශ කරයි. අදාල පාර්ශව විසින් කාර්යාංශයට චෝදනා කර ඇත්තේ වර්තමානයේදී මෙම රැකියා අවස්ථා අහිමි කර ඇති බවයි.

එවැනි කිසිදු දෙයක් සිදුවී නොමැති බවත්, ගිවිසුම බලාත්මක නොවු බවත්, රැකියා අවස්ථා නීත්‍යානූකූල නොවූ බවත් කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. මේ අතර මෙම රැකියා සඳහා යම් යම් රැකියා එජන්සි ආයතන මුදල් ලබාගැනීම හා ගමන් බලපත්‍ර එකතුකිරීම සිදුකරන බවට වාර්තා වී ඇති අතර, එය නීති විරෝධී බවද ඔහු කියා සිටියි. එවැනි පුද්ගලයන්ට හෝ ආයතනවලට මුදල් හෝ ගමන් බලපත්‍ර ලබාදීමෙන් වැලකී සිටින ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

நர்ஸ் செய்து வந்த காரியம்

Mohamed Dilsad

හිටපු ඇමති ප්‍රසන්න රණවීරගේ පෙත්සමට අදාළ අධිකරණ නියෝගය මෙන්න

Editor O

சுகாதார சேவைகள் நிமித்தம் வைத்தியசாலைகளுக்கு வருவோரை சங்கடத்திற்குள்ளாக்க வேண்டாம்…

Mohamed Dilsad

Leave a Comment