දේශීය

ඉදිරි සතියේ දිවයිනට ගෑස් නෞකා හයක්

(UTV | කොළඹ) – තවත් ගෑස් නෞකා හයක් ඉදිරි සතිය තුළ දිවයිනට ළඟාවීමට නියමිතයි.

ඒ අනුව මෙම මාසය තුළ සපුරාගැනීමට අපේක්ෂිත ගෑස් සංචිතය මෙට්‍රික් ටොන් 33,000 කි.

මහජනතාවට අඛණ්ඩ ගෑස් සැපයුමක් සහතික කිරීම සඳහා මෙලෙස ආනයනය වැඩි කිරීමට පියවර ගෙන ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි.

මීට පෙර දෛනිකව වෙළඳපොලට නිකුත් කළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 80,000 ක් පමණ වුවත් මේ වනවිට එය ලක්ෂයක් පමණ දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළේය.

Related posts

මෑතකදී සිදුවූ වැඩිම රිය අනතුරු මරණ ගණන ඊයේ දිනයේදී

Mohamed Dilsad

කොළඹ සුරාසැල් සහ මාංශ අලෙවි සැල් හෙට වැසේ

Mohamed Dilsad

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ වැඩ වර්ජනය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment