දේශීය

දිවයින පුරා පාසල් හෙට ඇරඹෙයි

(UTV | කොළඹ) – පවතින ඉන්ධන අර්බුදයත් සමඟ මතුව ඇති ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගෙන සති කිහිපයක් නිවාඩු ලබා දී තිබූ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට (25) දිනයේදී යළිත් විවෘත කිරීමට නියමිතයි.

එමෙන්ම 2022 පාසල් වර්ෂයේ පළමු වාරය සැප්තැම්බර් 7 වනදා දක්වා දීර්ඝ කෙරෙන අතර, දෙවන සහ තුන්වන වාර පැවැත්වෙන කාලවකවානු සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා සඳහන් කළා.

පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සංශෝධිත විෂය නිර්දේශ ලබාදීමට කටයුතු කෙරෙන අතර, හෙට සිට ඊට අදාළව ඉගැන්වීම් කටයුතු සිදුකළ යුතු වනවා.

එසේම පළමු වාර පරීක්ෂණ පැවැත්වෙන්නේ නැහැ.

ඒ අනුව හෙට සිට නැවත දැනුම් දෙනතුරු සතියේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දින තුන පමණක් සාමාන්‍ය වේලාවන්හිදී පාසල් පැවැත්විය යුතු අතර, එලෙස පාසල් නොපැවැත්වෙන බදාදා සහ සිකුරාදා දිනවල දරුවන්ට නිවෙස්පාදක ඉගෙනුම් ක්‍රියාකාරකම් ලබාදීම හෝ මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් සිදුකළ යුතුයි.

Related posts

මහර රැඳවියන් 11 දෙනාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් දුන් අධිකරණ තීන්දුව

Mohamed Dilsad

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් තිදෙනෙක් බන්ධනාගාර ගත කරයි. සාවද්‍ය මුදල් පරිහරණය චෝදනාවට 2023 පැවරූ නඩුවක්

Editor O

මහනුවර, බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්වලට අනතුරු ඇඟවීම්

Editor O

Leave a Comment