දේශීය

දිවයින පුරා පාසල් හෙට ඇරඹෙයි

(UTV | කොළඹ) – පවතින ඉන්ධන අර්බුදයත් සමඟ මතුව ඇති ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගෙන සති කිහිපයක් නිවාඩු ලබා දී තිබූ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට (25) දිනයේදී යළිත් විවෘත කිරීමට නියමිතයි.

එමෙන්ම 2022 පාසල් වර්ෂයේ පළමු වාරය සැප්තැම්බර් 7 වනදා දක්වා දීර්ඝ කෙරෙන අතර, දෙවන සහ තුන්වන වාර පැවැත්වෙන කාලවකවානු සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා සඳහන් කළා.

පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සංශෝධිත විෂය නිර්දේශ ලබාදීමට කටයුතු කෙරෙන අතර, හෙට සිට ඊට අදාළව ඉගැන්වීම් කටයුතු සිදුකළ යුතු වනවා.

එසේම පළමු වාර පරීක්ෂණ පැවැත්වෙන්නේ නැහැ.

ඒ අනුව හෙට සිට නැවත දැනුම් දෙනතුරු සතියේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දින තුන පමණක් සාමාන්‍ය වේලාවන්හිදී පාසල් පැවැත්විය යුතු අතර, එලෙස පාසල් නොපැවැත්වෙන බදාදා සහ සිකුරාදා දිනවල දරුවන්ට නිවෙස්පාදක ඉගෙනුම් ක්‍රියාකාරකම් ලබාදීම හෝ මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් සිදුකළ යුතුයි.

Related posts

රට තුළ භාවිත කරන ඖෂධ ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

පානදුරේදී හදිසියේ වෑන් රථයක් ගිනි ගනී

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ආරක්ෂාව සැපයීමට පොලිස්පති පාර්ලිමේන්තුවේදී එකඟ වේ

Editor O

Leave a Comment