දේශීය

ගෑස් නෞකාව තවත් ප්‍රමාද වේ

(UTV | කොළඹ) –  මෙරටට හෙට (06) පැමිණීමට නියමිතව තිබූ ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් අඩංගු නෞකාව තවත් දින 3කින් ප්‍රමාද වන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ඒ අනුව එම නෞකාව එළඹෙන 9 වන දා මෙරටට පැමිණීමටයි නියමිතව ඇත්තේ.

මීට අමතරව තවත් ගෑස් අඩංගු නෞකා දෙකක් එළඹෙන 11 සහ 16 වනදා මෙරටට පැමිණීමට නියමිත බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ.

ලෝක බැංකුව සමග ලිට්‍රෝ සමාගම ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්වීම සඳහා ගිවිසුමක් අත්සන් කර අතර ඊට අදාළවයි මෙම ගෑස් තොග මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ.

Related posts

MCC ගිවිසුම අත්සන් නොකරන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

Mohamed Dilsad

කොරෝනා මාර්ගෝපදේශනවල වෙනසක්

Mohamed Dilsad

කොරෝනා වෛරසය පාලනය කිරීමට ගෙන ඇති පියවර තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment