Trending Newsඑසැන පුවත්දේශීය

පැරණි ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පවත්වන්න – උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරු

පැරණි ක්‍රමයටම හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු යැයි, උතුරු පළාත් සභාව නියෝජනය කළ හිටපු මැති ඇමතිවරු ප්‍රකාශ කරති. යාපනයේ අද (21) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරු එම අදහස් පළ කළේය.

ඉලංකෙයි තමිල් අරසුකච්ච් වෙනුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී,(හිටපු යාපනය නගරාධිපති)එම්මානුවෙල් ආර්නෝල්ඩ්,ප්ලොට් හිටපු පළාත් සභා මන්ත්‍රී කජදීපන්,ඊ.පී.ආර්.එල්.එෆ් වෙනුවෙන් හිටපු පළාත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්‍ය සර්වේෂ්වරන්,ටෙලෝ වෙනුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී සබා කුගදාස්,ඊ.පී.ඩී.පී වෙනුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී තවනාදන් යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එහිදී අදස් දැක්වූ හිටපු පළාත් සභා මන්ත්‍රීවරු මෙසේද පැවසූහ., 2013 සැප්තැම්බර් 21 උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වුණේ වසර දොළහකට පස්සේ
අද දිනය විශේෂිතයි.එවැනි දිනක පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන නැවත කතා කරන්න සිදුවෙලා තියෙනවා.

ආණ්ඩුව කියන්නේ සීමා නිර්ණය කොමිෂන් සභාවේ සියලුම කටයුතු අවසන් කරලා පළාත් සභා මැතිවරණය තියන්න කියලා.ඒ උනාට ආණ්ඩුව ඒකට නියමිත කාලසීමාවක් කියල නෑ.ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය විදිහට ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ.ඒ පක්ෂය ප්‍රතිපත්තිමය වශයෙන් පළාත් සභා ක්‍රමයට විරුද්ධ වෙච්ච පක්ෂයක්.ඒ නිසා අපිට මේ ගැන ලොකු සැකයක් තියෙනවා.

ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වන්න ඕන කියලා කිව්වට ඇත්තටම ඒ ගැන උනන්දුවක් නෑ.පළාත් සභා ක්‍රමය සුදු අලියෙක් කියලා ජවිපෙ පුන පුනා ඒ අයගේ පක්ෂ අභ්‍යන්තරයේ කතා කරනවා.

ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනවනම් අනිවාර්යයෙන්ම පළාත් සභා මැතිවරණය තියන්න ඕන.

දමිළ ජනතාව වෙනුවෙන් පළාත් සභා ස්ථාපිත ජාතික දේශපාලනයේ දෙවන තලය විදිහට අපි පිළිගන්නවා.

පළාත් සභා ක්‍රමය ජාතික ප්‍රශ්නයට විසඳුමක් නෙමෙයි කියලා අපි පිළිගන්නවා.හැබැයි ආණ්ඩුව ශ්‍රී ලංකාවේ ජනතාවගේ අයිතිවාසිකම් ඉෂ්ට කරනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන දහතුන් වන සංශෝධනය පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කිරීම හරහා.

Related posts

ஐக்கிய நாடுகளின் சிறப்பு அறிக்கையாளர் இலங்கை விஜயம்

Mohamed Dilsad

එංගලන්තයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

புதிய காற்றழுத்த தாழ்வு நிலை – மீனவர்களுக்கு எச்சரிக்கை

Mohamed Dilsad

Leave a Comment