දේශීය

තෙල් අර්බුදයට බැසිල්ගෙන් පොහොට්ටු කමිටුවක්

(UTV | කොළඹ) – ඉන්දීය ණය ආධාර යටතේ තවත් ඉන්ධන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දීය රජයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කර තිබෙනවා.

එම පහසුකම් ලබාගැනීම පිළිබඳ සාකච්ඡා තවදුරටත් ඉදිරියේදී සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ සඳහන් කළේ.

මේ පිළිබඳව පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදීද බැසිල් රාජපක්ෂ මහතා සහ පොදුජන පෙරමුණේ නියෝජිතයන් අතර සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී ඉන්දියාවෙන් තවදුරටත් සහන ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට විශේෂ කණ්ඩායමක් පත්කිරීමට බැසිල් රාජපක්ෂ පියවරගෙන තිබෙනවා.

මේ වෙනුවෙන් බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡා කිහිපයක් පොදුජන පෙරමුණු මූලස්ථානයේ ඉදිරි සතියේදී පැවැත්වීමට නියමිතව ඇති අතර මේ තාක් මෙරටට පැමිණි සියලු ඉන්ධන නැව් පැමිණියේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස සිටි සමයේ ඉන්දියාව සමඟ සාකච්ඡා කර ලබාගත් ණය ආධාර යටතේ බවයි ඉන්දික අනුරුද්ධ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

Related posts

වේග සීමා ඉක්මවන බර වාහනවල බලපත්‍ර අහෝසි කිරීමේ තීරණයක්

Mohamed Dilsad

පළාත් සභා මැතිවරණය තියනවානම් පච ආණ්ඩුවේ තත්ත්වය රටට එලිදරව්වේවි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

උසස් පෙළ විභාගයට පෙනී සි⁣ටින සිසුන් ට දැනුම් දීමක්

Editor O

Leave a Comment