දේශීය

“අගමැති ඉල්ලා අස්වීම හොඳම විසඳුම,තීරණය අගමැති අතේ”

(UTV | කොළඹ) – නව කැබිනට් මණ්ඩලයක් පත්කර ගැනීම සඳහා වත්මන් කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වී විපක්ෂයට ආරාධනා කළ යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවසන් වරට පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරුන්ට පැවසී යැයි අමාත්‍ය නාලක ගොඩහේවා ඊයේ (08) පැවසීය.

කැබිනට්ටුව ඉල්ලා අස්වුවහොත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හා මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි ජාතික එකමුතු ආණ්ඩුවක් පිහිටුවීමට තමා සූදානම් බව කියමින් ඔහු මේ ප්‍රකාශය කළේ, යැයි අමාත්‍ය ගොඩහේවා අවධාරණය කළේ ය.

අගමැතිවරයා ඉල්ලා අස්වුවහොත් සමස්ත කැබිනට්ටුවම විසිරී ගියාසේ සැලකෙන බැවින් කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීම සඳහා හොඳ ම විසඳුම අගමැතිවරයා ඉල්ලා අස්වීම බවට එහිදී සාකච්ඡා වී යැයි ද ඒ මහතා කීවේ ය.

ඒ අනුව, අද (09) හෝ ඉදිරි දිනයකදී අගමැතිවරයා විසින් ම මේ ගැන දැනුම් දීමට නියමිත යැයි ද අමාත්‍ය ගොඩහේවා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related posts

ලුණු ත් නෑ.

Editor O

අස්වැසුම ප්‍රතිලාභ කඩිනමින් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Mohamed Dilsad

මහ තරගය බලන්න ආ ජනපති

Mohamed Dilsad

Leave a Comment