දේශීය

අගමැති අද ඉල්ලා අස්වෙනවා – ජගත් කුමාර

(UTV | කොළඹ) – කොළඹ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවත්වන විශේෂ මාධ්‍ය සාකච්ඡාව අද (09) පැවැත්වීමට නියමිතයි.

මේ වනවිට ඊට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන නිලධාරින් මෙන්ම විවිධ පාර්ශ්ව එක්වෙනු ඇති.

කෙසේවෙතත්, අග්‍රාමාත්‍යවරයා හට සිය ධුරයෙන් ඉල්ලා අස් නොවන ලෙසට ආයාචනා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටු පාක්ෂිකයින් සටන් පාඨ කියමින්, කොළඹ සිට පාගමනින් අද අරලියගහ මන්දිරය ඉදිරිපිටට පැමිණ සිටින බවයි වාර්තාවේ.

මේ අතර, අද දිනයේ විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වන බවට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසනවා.

අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

Related posts

එජාපය සහ සජබය එක්කිරීමට අභ්‍යන්තර සාකච්ඡා

Mohamed Dilsad

මෙරට කොරෝනා වෛරසය ආසාදිතයන් 113 දක්වා ඉහළට

Mohamed Dilsad

විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට රජයට නිර්දේශ

Mohamed Dilsad

Leave a Comment