Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ලුණු ත් නෑ.

මෙරට ලුණු නිෂ්පාදනය අඩු වීම සම්බන්ධයෙන් සොයාබැලීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ පසුගිය වසරේ සහ මේ වසරේ මෙරට ලුණු නිෂ්පාදනය අඩු වී ඇති බවට ලුණු නිෂ්පාදන සමාගම් විසින් වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවයි.

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරට ලුණු නිෂ්පාදනය පසුගිය වසරේ සහ මේ වසරේ සියයට 40කින් පමණ පහළ ගොස් ඇතායි වාර්තා වෙයි. ඒ අනුව මේ වනවිට රට තුළ නිෂ්පාදනයේ අඩු වීමක් පවතින අතර ඊට පිළියමක් ලෙස ලුණු ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ලුණු සමාගම් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ. අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙරට පවතින ලුණු සංචිත පිළිබඳව සහ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණය පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ආනයනය කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ. කෙසේවෙතත් ලුණු ආනයනය කිරීම සඳහා මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වෙළෙද, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේය.

Related posts

“Sri Lankan Exports To Dominate Lankan-Iran Trade” – Min. Rishad Bathiudeen

Mohamed Dilsad

අත්‍යවශ්‍ය සේවා සඳහා දිස්ත්‍රික් සහ ප්‍රාදේශිය ලේකම්වරුන්ට බලය පවරයි

Mohamed Dilsad

கட்டுப்பாட்டு விலையை மீறும் வர்த்தகர்களுக்கு எதிராக சட்டநடவடிக்கை

Mohamed Dilsad

Leave a Comment