දේශීය

හෙට දිනයේ සියලුම ලංගම බස් සාමාන්‍ය පරිදි ධාවනය කෙරේ

(UTV | කොළඹ) – හෙට දිනයේ සියලුම ලංගම බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ සියලුම වෘත්තීය සමිති සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවය.

ඒ අනුව හෙට දිනයේ ධාවනය කෙරෙන ලංගම බස් රථ සඳහා අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙසට ආරක්ෂක අංශ වෙතින් ඉල්ලීමක් කළ බවද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබීය.

ඒ අනුව සාමාන්‍ය පරිදි හෙට දිනයේ බස් රථ 5200ක් ධාවනයට එක්කෙරෙන බවද සභාපතිවරයා පැවසීය.

ඒ අතර දුරගමන් සේවා බස් රථ 1500කට ආසන්න ප්‍රමාණයක් ඇති බවද ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

විශේෂ මෙහෙයුමකට STF 600කට හදිසි කැඳවීමක්

Mohamed Dilsad

ජනපති ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරයි

Mohamed Dilsad

ආපනශාලා විවෘත කිරීමේ දී ගැටළු පැන නගින බව බේකරි හිමියන් කියයි

Mohamed Dilsad

Leave a Comment