දේශීය

විශේෂ මෙහෙයුමකට STF 600කට හදිසි කැඳවීමක්

පසුගිය දින කිහිපය තුළ දිවයිනේ විවිධ පළාත්වලින් වෙඩි තැබීම් සහ පාතාල ක්‍රියාකාරකම් රැසක් වාර්තා විය.

 

ඒ අතුරින් වෙඩි තැබීමේ සිද්ධීන් රැසක් බස්නාහිර සහ දකුණු පළාත් වලින් ද වාර්තා විය.

 

මේ හේතුවෙන් බස්නාහිර සහ දකුණු පළාත්වල පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා පොලීසියේ විශේෂ අවධානයක් යොමුව ඇත.

 

පොලීසිය පවසන්නේ ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයන් 600 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා ඇති බවය.

 

එම නිලධාරීන් විසින් ක්ෂණික මාර්ග බාධක යොදා රථවාහන පරීක්ෂා කිරීම, හදිසි වැටලීම් සිදුකිරීම සහ පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලීසිය පැවසීය.

Related posts

බණ්ඩාරගම කොරෝනා ආසාදිතයාගේ පියා සහ සහෝදරිය රෝහල ගත කරයි

Mohamed Dilsad

පුරා විද්‍යා නාම පුවරු ගැලවූ සැකකරුවන් ට ඇප

Editor O

යාල්දේවි පීලිපැනීමෙන් උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්

Mohamed Dilsad

Leave a Comment