මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සවිකර තිබූ පුරාවිද්‍යා නාමපුවරු ගලවා ඉවත් කිරීමේ සිද්ධියට සම්බන්ධ වාලච්චේන කෝරලේපත්තු ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ඇප මත මුදා හැරීමට වාලචේන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
එම ප්‍රාදේශීය සභාවේ සභාපපතිවරයා, උප සභාපතිවරයා ඇතුළු සිව්දෙනෙකු අද (25) නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වීමෙන් අනතුරුව මෙලෙස ඔවුන් අප මත මුදා හරින ලෙස අධිකරණය නියම කරනු ලැබීය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවස්තු පවතින ස්ථානවල දිශානතිය සලකුණු කරමින් දිශා පුවරු සහ සංඥා පුවරු සවි කර තිබූ අතර එම සංඥා පුවරු අදාළ ප්‍රාදේශීය සභාවේ බලධාරීන් විසින් පසුගිය 22 වැනිදා ගලවා කුණු ප්‍රවාහනය කරන ටැක්ටරයකට පටවා ගෙන ගොස් තිබිණි.
මෙම සංඥා පුවරු ගැලවීමේ සිද්ධියට සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් වාලච්චේන පොලීසියට පසුගියදා පැමිණිල්ලක්ද ගොනු කළේය.
එම පැමිණිල්ලට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය උත්සාහ කළ ද එය ව්‍යාර්ථ විය.
