දේශීය

පෞද්ගලික රෝහල්වලත් ඖෂධ හිඟයක්

(UTV | කොළඹ) – පෞද්ගලික රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සම්මේලනය, පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන මණ්ඩලය වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එමඟින් ඔවුන් පෙන්වා දී ඇත්තේ පෞද්ගලික රෝහල්වලට මේ වනවිට අත්‍යවශ්‍ය ඖෂධ 76 ක හිඟයක් පවතින බවයි.

ඊට අමතරව තවත් වෛද්‍ය උපකරණ රැසක් හිඟව පවතින බවයි එම සම්මේලනය පෙන්වා දෙන්නේ.

මේ නිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ වෙනත් මූලාශ්‍රයකින් එම ඖෂධ සහ වෛද්‍ය උපකරණ කඩිනමින් ලබාදෙන ලෙසට ඔවුන් එම ලිසිය මගින් ඉල්ලීමක් කරනවා.

Related posts

ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක නිලධාරීන් මැතිවරණ චක්‍රලේඛ උල්ළංඝනය කරලා – මේ වතාවෙත් සුළැඟිල්ල පාට කරලා

Editor O

ශ්‍රී ලංකාවට ධරණීය සංවර්ධනය පිළිබඳ හත්වැනි ආසියා පැසිෆික් සංසදයේ සභාපතිත්වය

Mohamed Dilsad

අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර

Mohamed Dilsad

Leave a Comment