Trending Newsඑසැන පුවත්දේශීය

සුබ ආරංචිය ගම්පහ දිස්ත්‍රික්කයෙන් – නාලක ගොඩහේවා කරපු ප්‍රකාශය

(UTV | කොළඹ) –

පසුගිය ජනාධිපතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගෝඨාභය රාජපක්ෂට ඡන්දය ලබා දුන් විශාල ප්‍රමාණයක් මේ වන විට සමගි ජන බලවේගය සමඟ එකතුවෙමින් සිටින බවත් මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගයේ ආසන සංවිධායකවරු සියලු දෙනා විශාල කැපවීමකින් යුතුව වැඩකටයුතු සිදුකරමින් තිබෙන බවත් එළඹෙන මැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ද ලක්ෂ 7 ත් 8 ත් අතර ප්‍රමාණයක් ලැබීමට නියමිත බවත් නාලක ගොඩහේවා මහතා පවසනවා.

නාලක ගොඩහේවා මහතා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගයේ සූදානම සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරිම සඳහා පසුගිය දා (24) විශේෂ මාධ්‍ය හමුවක් කෝට්ටේ සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැත්වූ අවස්ථාවේදීය. එම මාධ්‍ය හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර , හර්ෂණ රාජකරුණා , අජිත් මාන්නප්පෙරුම , නාලක ගොඩහේවා යන මහත්වරුන් සහ සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම සංවිධායකවරු එක්ව සිටියහ.

බලයට පැමිණි දවසේ සිට රටේ ජනතාවට අසත්‍ය ප්‍රකාශ සිදුකරන රනිල් වික්‍රමසිංහ, රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගත්තේ ඔහු කීමත් සම්පුර්ණයෙන්ම අසත්‍යක් බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා මුල් වරට ආරම්භ කලේ රනිල් වික්‍රමසිංහ නොවන බවත් ඔහු මේ වන විට සිදුකරමින් තිබෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දුන්න බෙහෙතේ වට්ටොරුව රෝගියාට හොදයිද නැද්ද යන්න පිළිබඳව කිසිඳු තැකීමක් නොකොට බලහත්කාරයෙන් ජාත්‍යන්තර අරමුදලේ න්‍යායපත්‍ර රටතුල ක්‍රියාත්මක කිරීම බවත් නාලක ගොඩහේවා මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

ඇදිරි නීති කාලය තුළ මාර්ග වල සිටි 291 අත්අඩංගුවේ

Mohamed Dilsad

වාරණ මණ්ඩලය අහෝසියි

Mohamed Dilsad

அன்னதான சாலைகளை பதிவு செய்வதற்கான நடவடிக்கைகள் நாளையுடன் நிறைவு

Mohamed Dilsad

Leave a Comment