Trending Newsඑසැන පුවත්දේශීය

රනිල්ගේ ආර්ථික වැඩ පිළිවෙළ කඩාකප්පල් කළොත් ශ්‍රී ලංකාව යටත් විජිතයක් වේවි – වජිර අබේවර්ධන

(UTV | කොළඹ) –

රනිල්ගේ ආර්ථික වැඩ පිළිවෙළ කිසියම් පාර්ශවයක් විසින් කඩාකප්පල් කළොත් ශ්‍රී ලංකාව ලෝකයේ යටත් විජිත රාජ්‍යයක් බවට පත්වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහට දේශීය මෙන්ම ජාත්‍යන්තරය පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණ නිසා කෙටි කලකදී රට නැවත ඔසවා තබන්නට හැකි වූ බව කී අබේවර්ධන මහතා රටේ ආර්ථිකය ගොඩ නගන මෙම ගමනට සියලු ජනතාව වෛරය, ක්‍රෝධය, කුහක කමකින් තොරව සහයෝගය දිය යුතු බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමන ගැන පැහැදිලි කිරීමට ගාල්ල රත්ගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අබේවර්ධන මහතා මේ බව කීය. රනිල් රට විකුණනවා යැයි ඇතැමුන් චෝදනා නගන බව කී අබෙිවර්ධන මහතා රට විකිණුවත් බංකොලොත් රාජ්‍යයක් මිලදී ගන්නේ කවුදැයි ප්‍රශ්න කළේය.

Related posts

Farmers to get cash in bank account for fertiliser, free insurance

Mohamed Dilsad

කොළඹට පැය 10ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

ගෑස් යළි බෙදාහරින දවස මෙන්න

Mohamed Dilsad

Leave a Comment