දේශීය

ගෑස් යළි බෙදාහරින දවස මෙන්න

(UTV | කොළඹ) – නැවතත් ගෑස් බෙදා හැරීමට සිදු වන්නේ ලබන මස (ජූලි) 5 වැනිදා හා 12 වැනිදා අතර කාලයේ දී බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසීය.

එම කාලයේ මෙට්‍රික් ටොන් හත්දහසක ගෑස් තොගයක් රැගත් නෞකා 2ක් මෙරටට පැමිණීමට නියමිත බව ද සභාපතිවරයා සඳහන් කළේය.

ඊට අමතරව ජූලි මස 10 වැනිදායින් පසුව ගෑස් මෙට්‍රික් ටොන් විසිපන්දහසක් රැගත් විශාල නෞකාවක් මාලදිවයිනේ මුහුදු සීමාවට ළඟාවීමට නියමිත අතර එහි සිට කුඩා නෞකා මගින් මෙරටට අඛණ්ඩව ගෑස් ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව ද හෙතෙම කීවේය.

ඒ අනුව ලබන 05 වැනිදායින් පසු දිවයින පුරා දෛනිකව කිලෝ ග්‍රෑම් දොළහයි දශම පහේ ගෘහස්ථ ගෑස් සිල්න්ඩර අසූදහස බැගින් වෙළෙඳපොළට බෙදාහැරීමට සැලසුම් කර ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේය.

එබැවින් එතෙක් ගෑස් මිල දී ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

Related posts

මෙරටින් නව ආසාදිතයන් 12 දෙනෙකු සොයා ගැනේ [UPDATE]

Mohamed Dilsad

ජනාධිපති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද

Mohamed Dilsad

එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව පිළිබඳ සිය සංචාරක උපදෙස් අලුත් කරයි

Mohamed Dilsad

Leave a Comment