දේශීය

ඉතාලියේ මෙරට කොන්සල් ජනරාල් කාර්යාලය තාවකාලිකව වැසේ

(UTV | ඉතාලිය) – ඉතාලියේ මෙරට කොන්සල් ජනරාල් කාර්යාලය අද (11) සිට ලබන 15 වනදා දක්වා තාවකාලිකව වසා දමා ඇත.

ඒ, එම කාර්යාලයට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව දැන ගැනීමත් සමඟයි.

කාර්යාලය විෂබීජහරණය කර ඇති අතර, කාර්ය මණ්ඩලය ඉදිරියේදී PCR පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතය.

වසා දැමෙන කාලය තුළ මරණ හෝ ඉතාමත් හදිසි කන්සියුලර් කටයුතු වේ නම් උදෑසන 9.30 සිට 4.30 අතර කාලය තුළ 388 724 90 16 යන දුරකථන අංකයට අමතන ලෙසට එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දෙයි.

 

Related posts

මුස්ලිම් කොංග්‍රසයේ සහාය සජිත් ප්‍රේමදාස ට

Editor O

විදුලි වෘත්තිය සමිති යළි අරගලයකට සැරසේ

Mohamed Dilsad

කඩවත වෙඩි තැබීම ගැන හොයන්න කණ්ඩායම් 04 ක්

Mohamed Dilsad

Leave a Comment