දේශීය

ඇතැම් ප්‍රදේශවලට අද තද වැසි

(UTV | කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (08) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ය.

නැගෙනහිර පළාතේ ත් පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

කුෂ් නැමැති ගංජා තොගයක් ගුවන්තොටුපලට

Mohamed Dilsad

නෞකාවේ ගින්න ගැන කාපිතාන් ඇතුළු පිරිසගෙන් ප්‍රකාශ ගන්න යයි

Mohamed Dilsad

අනුරගේ විරෝධතාවයට අධිකරණයෙන් තහනමක්

Mohamed Dilsad

Leave a Comment