දේශීය

අනුරගේ විරෝධතාවයට අධිකරණයෙන් තහනමක්

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය අද (08) පැවැත්වීමට නියමිත විරෝධතා පාගමන තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

 

ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්‍ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (07) එම නියෝගය නිකුත් කර ඇත.

 

වැලිකඩ පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් අනුව එම තහනම් නියෝග ආඥාව නිකුත් කර තිබේ.

 

ඒ අනුව විරෝධතාකරුවන්ට ශ්‍රී ජයවර්ධනපුර පාර, කොටා පාර, සරණ පාර ඔස්සේ මැතිවරණ ලේකම් කාර්යාලය දෙසට ඇතුළුවීම තහනම් කරමින් අධිකරණය නියෝග නිකුත් කර ඇත.

Related posts

උපකාරක පන්ති යළි ඇරඹිමේ සුදානමක

Mohamed Dilsad

ශ්‍රීලනිප විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

Mohamed Dilsad

ඉල්ලීම් 6ක් මුල්කරගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment